hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 30, පෙ.ව. 9:14



ලෝ ප්‍රකට රාජ්‍යතාන්ත්‍රිකයකු වූ හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර් මියගිය බව නිවේදනය කරනු ලැබුණා.

ජර්මනියේ යුදෙව් පවුලක කිසිංජර් උපන්නේ 1923 මැයි 27 වනදා යි. ඔහුගේ පවුල ඇමරිකාවට සංක්‍රමණය වූ අතර කිසිංජර් හාර්වඩ් සරසවියෙන් අධ්‍යාපනය ලැබුවා. ජනාධිපති රිචර්ඩ් නික්සන් ඔහුව ජාතික ආරක්ෂක උපදේශක තනතුරට පත් කළා. පසුව නික්සන් විසින් ඔහුට රාජ්‍ය ලේකම් ධුරය ද පැවරූ අතර ඔහු නික්සන් හා ෆෝර්ඩ් යටතේ එම ධුරය දැරුවා. ඇමරිකානු ඉතිහාසය තුළ ජාතික ආරක්ෂක උපදේශක සහ රාජ්‍ය ලේකම් තනතුරු දෙකම එකවිට දැරූ එකම තැනැත්තා ඔහුයි.

ෆෝර්ඩ්ගෙන් පසුව ද බලයට පත්වූ සෑම ඇමරිකානු ජනාධිපතිවරයකුටම පාහේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා කිසිංජර් උපදෙස් දුන්නා.

කිසිංජර් ඇමරිකාව සහ චීනය අතර මෙන්ම ඇමරිකාව සහ සෝවියට් දේශය අතර සබඳතා පුළුල් කිරීමට දායක වූ අතර වියට්නාම් යුද්ධය අවසන් කිරීමේදී ද වැදගත් කාර්යයභාරයක් ඉටු කළා.