hit counter

2024 ඔක්‍තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 01, පෙ.ව. 12:37



ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනය ආක්‍රමණය කළහොත් ඊට තම සංවිධානය සූදානම් බව හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම් නයිම් කාසිම් පවසනවා.

වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටින්නේ තම මහ ලේකම් හසන් නස්රල්ලාගේ මරණය තම සංවිධානයට බරපතල පාඩුවක් බවයි.

කෙසේ වෙතත් තම සංවිධානයේ සාමාජිකයන් සිය අරමුණ වෙනුවෙන් දිවිදීමට සූදානම් බාඅත්, එක් නායකයකු මියගියහොත් එතැනට පැමිණීමට තවත් අයකු සූදානම්ව සිටින බවත් කාසිම් පවසනවා.

එහෙයින් නස්රල්ලා ආදී මියගිය නායකයින් වෙනුවට එම ස්ථානයන්ට අලුත් නායකයින් පත්කෙරෙනු ඇතැයි ද ඔහු කියා සිටියා.

එමෙන්ම තම සංවිධානයේ ආයුධ විශාල ප්‍රමාණයක් විනාශ කළේ යයි ඊශ්‍රායලය විසින් සිදුකරන ප්‍රකාශ කාසිම් විසින් අවඥාවෙන් යුතුව බැහැර කළා.

මේ අතර හිස්බුල්ලා සංවිධානයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා ඉරානයේ ඉස්ලාමීය මුරභට හමුදාව සහය දෙන බව යුධ අධ්‍යයනය පිළිබඳ ආයතනය පවසනවා.

Example Image