2023 දෙසැම්‍බර් 16, ප.ව. 10:51
ඊශ්‍රායල හමුදා අතින් යුදෙව් ප්‍රාණඇපකරුවන් තිදෙනෙක් මියගිය බව හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි සිකුරාදා ප්‍රකාශ කළා.
ගාසා තීරයේ ෂුජායියා ප්‍රදේශයේ සටන් සිදුවන අතර මෙම සිදුවීම වාර්තා වුණා. මෙම තිදෙනා හමුදාවන් වෙත එද්දී කලබලයට පත්වූ සෙබළකු ඔවුන්ට වෙඩි තබා ඇති බවයි දැනට වාර්තා වන්නේ.
මේ අතර එම ප්‍රාණ ඇපකරුවන් සුදු කොඩියක් ඔසවාගෙන ඊශ්‍රායල හමුදා වෙත පැමිණි බවයි වාර්තා වුණේ. කෙසේ වෙතත් ඇතිවූ ව්‍යාකූලත්වය උඩ එම පිරිසට වෙඩි තබා තිබෙනවා.
මෙම සිද්ධිය පිළිබඳ වාර්තාවීමත් සමග ඊශ්‍රායලයේ විරෝධතා හටගත්තා. ඊශ්‍රායල් ආණ්ඩුව යළි සටන් විරාමයකට නොයන තාක් කල් මෙවැනි මරණ සිදුවුය හැකි බව ඔවුන් කියා සිටිනවා.
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24
2026 ජූලි 21, ප.ව. 8:10