hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2024 මාර්තු 07, ප.ව. 1:38



රතු මුහුදේ දී භාණ්ඩ ගෙනයන නෞකාවක් වෙත එල්ල වූ හූති කැරලිකරුවන් ගේ ප්‍රහාරයකින් එහි ගමන් ගත් නාවිකයන් තිදෙනකු මියගිය බව වාර්තා වුණා.

මෙම නෞකාව සවුදි අරාබිය වෙත ගමන් කරමින් සිටියදී එම ප්‍රහාරය එල්ල වී තිබුණා. බාර්බඩෝස් ධජය යටතේ යාත්‍රා කළ එහි වැඩිපුරම සේවය කරන්නේ පිලිපීන ජාතිකයන් බව වාර්තා වනවා. ඊට අමතරව ශ්‍රී ලාංකිකයන් ඇතුළුව තවත් රටවල් කිහිපයක පුද්ගලයන් එහි සේවය කරන්නේ යයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සඳහන් කර තිබුණා.

සිවිල් වැසියන්ට පහරදීමට තමන්ට අවශ්‍යතාවයක් නොවූ නමුත් අදාල නෞකාව තම අනතුරු ඇඟවීම් නොසලකා හැරීම නිසා එම ප්‍රහාරයට ලක්වූයේ යයි හූති ව්‍යාපාරය පවසනවා.

2023 ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට පහරදීමෙන් අනතුරුව​, රතු මුහුදේ නෞකාවකට එල්ල වූ හූති ප්‍රහාරයකින් ජීවිත හානි වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.