hit counter

2024 මැයි මස 08 වන බදාදා

2024 පෙබරවාරි 13, ප.ව. 7:13



අවශ්‍ය අවස්ථාවක තමන් ඇමරිකා එක්සත් ජනපදයට නායකත්වය ලබාදීමට සූදානම් බව උප ජනාධිපතිණි කමලා හැරිස් සඳහන් කර තිබෙනවා.

වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සමග ඇය මේ අදහස් පළකර ඇත්තේ ජනාධිපති ජෝ බයිඩන් ගේ වයස සහ ඔහුගේ මතකය පිළිබඳ බරපතල ප්‍රශ්න නැගී ඇති අවස්ථාවකයි.

බයිඩන් රහස්‍ය ලිපිගොනු පරිශීලනය කරන ආකාරය පිළිබඳ වාර්තාවක් පළ කරමින් විශේෂ නියෝජිත රොබර්ට් හූර් පසුගියදා කියා සිටියේ ඔහු දුර්වල මතකයක් සහිත වයෝවෘද්ධ අයකු බවයි. කෙසේ වෙතත් මෙම ප්‍රකාශය පිළිබඳ ධවල මන්දිරය සිය අප්‍රසාදය දක්වා තිබුණා.

කමලා හැරිස් සඳහන් කරන්නේ තම නායකත්ව හැකියාව පිළිබඳ සැකයක් ඒ ගැන දන්නා අයට නොමැති බවයි. කෙසේ වෙතත් ඇයගේ ජනප්‍රියත්වය පිළිබඳව සැක මතුව තිබෙන අතර ආයතනය විසින් කළ සමීක්ෂණයකදී පෙනීගොස් ඇත්තේ ඇය පිළිබඳ සියයට 53 ක් දෙනා නොසතුටින් සිටින බවයි.

ඉන්දියානු සම්භවයක් සහිත කමලා හැරිස් ජනාධිපති ධුරයට පත්වුවහොත් ඇය ඇමරිකාවේ පළමු කාන්තා ජනාධිපති බවට පත්වනු ඇති.