hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 ජූනි 21, ප.ව. 6:25



හමාස් සංවිධානය යනු මතවාදයක් නියෝජනය කරන්නක් බවත්, එය ජනතාව අතර ඔවුන්ට පහසුකම් සලසන ආයතනයක් ලෙස ද සිටින බවත්, එහෙයින් එය සහමුලින් තුරන් කිරීම හමුදාවට කළ නොහැක්කක් බවත් ඊශ්‍රායල හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි ඊයේ සඳහන් කළා.

ඔහු කියා සිටියේ හමාස් සංවිධානය විසින් සිදුකරන කාර්යය සඳහා විකල්ප වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම දේශපාලනික කර්තව්‍යයක් බවයි. දේශපාලනික තීන්දුවක් ගන්නේ නම් එය ක්‍රියාවට නැගීමට හමුදාවට හැකි බව හගාරි පවසනවා.

ඊශ්‍රායල නායකත්වයට ගාසා තීරයෙහි යුධ මෙහෙයුම්වලින් අනතුරුව මතුවන තත්ත්වය පරිපාලනය කිරීම පිළිබඳ තවමත් කිසිදු නිශ්චිත අදහසක් නැහැ.

ඊශ්‍රායල සන්නද්ධ හමුදා සහ දේශපාලන නායකත්වය අතර 2023 ඔක්තෝබර් 7 හමාස් ප්‍රහාරයෙන් අනතුරුව විවිධ අවස්ථාවල මතගැටුම් ඇතිවූ අතර හගාරිගේ ප්‍රකාශය ද​ එහිම දිගුවක් බවයි පෙනී යන්නේ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පුන පුනා කියා සිටින්නේ ගාසා තීරයේ කෙරෙන මෙහෙයුම්වල අරමුණ හමාස් සංවිධානය සම්පූර්ණයෙන් විනාශ කිරීම බවයි.