2024 ඔක්‍තෝබර් 03, පෙ.ව. 9:09
දකුණුදිග ලෙබනනය ආක්‍රමණය කිරීමේදී ඊශ්‍රායල සෙබළුන් අට දෙනකු මෙතෙක් මියගොස් ඇතැයි ඊශ්‍රායල සන්නද්ධ හමුදා ඊයේ නිවේදනය කළා.
මේ අතර හිස්බුල්ලා සංවිධානය සඳහන් කළේ ලෙබනනයේ මරූන් අල්-රස් ගම්මානය අසළ දී ඊශ්‍රායල මර්කාවා යුධ ටැංකි තුනක් විනාශ කළ බවයි.
ඊශ්‍රායල හමුදා ප්‍රධාන වශයෙන් දිශා දෙකකින් ලෙබනනය වෙත ඇතුල්ව ඇති අතර ඔවුන් එහිදී සැලකියයුතු ප්‍රතිප්‍රහාරයන්ට මුහුණදෙමින් සිටිනවා.
මේ අතර ඉකුත් රාත්‍රියේ ලෙබනන පාර්ලිමේන්තුව අසළ ඉලක්කයක් වෙත ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වුණා. මෙවර ගුවන් ප්‍රහාර ඇරැඹීමෙන් පසු බේරූට් හි මධ්‍යම ප්‍රදේශයට එල්ල වූ පළමු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය මෙයයි. මෙයින් සය දෙනකු මියගිය බවයි සඳහන් ව ඇත්තේ.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24