hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 02, ප.ව. 8:23



ගාසා නගරයේ ශෙයික් රද්වාන් ප්‍රදේශයේදී හමාස් සංවිධානය විසින් භාවිතා කළ කඳවුරක් අල්ලාගැනීමට සමත් වූ බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කරනවා.

සිවිල් වැසියන් වාසය කරන ප්‍රදේශයන් හා සමගම මෙම කඳවුර පිහිටි බව පවසන ඊශ්‍රායල සන්නද්ධ හමුදා, එහි ගොඩනැගිලි 37 ක් වූ බව පවසනවා. මෙය අල්ලාගැනීමට ඊශ්‍රායල හමුදාවන්ට හමාස් සංවිධානය සමග භූගත උමංවලද සටන් කිරීමට සිදුවූ බවයි ඊශ්‍රායල හමුදා පවසන්නේ.

තවද​, මෙම කඳවුර ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයක් වූ බවත් එහි හමාස් නායකයන්ට දින ගණනක් වුවද රැඳී සිටීමට අවශ්‍ය පහසුකම් සලසා තිබූ බවත් ඊශ්‍රායල හමුදා පවසනවා.

මේ අතර හමාස් සංවිධානය මෙන්ම පලස්තීන ඉස්ලාමික් ජිහාද් සංවිධානය ද කියා සිටියේ තම සන්නද්ධ අංශ ස්ථාන කිහිපයකදීම ඊශ්‍රායල හමුදා සමග දරුණු සටන් සිදුකළ බවයි. වයඹදිග ගාසා තීරයේ අල් තවාම් ප්‍රදේශයේ ද ඛාන් යුනිස් නගරයේ ද මෙසේ සටන් සිදුව තිබෙනවා.