hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 පෙබරවාරි 21, පෙ.ව. 8:34



2023 ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරයට අවස්ථාව සැලසෙන පරිදි ඊශ්‍රායල සන්නද්ධ හමුදා අතින් සිදුවූ අඩුපාඩු වේදැයි විමර්ශනය කිරීම සඳහා පරීක්ෂණයක් ඇරඹීමට ඊශ්‍රායල හමුදා ප්‍රධානී හර්ට්සි හලේවි තීරණය කර ඇතැයි ටයිම්ස් ඔෆ් ඊශ්‍රයල් පුවත්පත ඊයේ වාර්තා කළා.

හමාස් ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම අවස්ථාවේදී එය පාලනය කිරීමට ප්‍රමාණවත් පියවර නොගන්නා ලද්දේද යන කරුණ පිළිබඳ මෙහිදී සලකා බැලෙනු ඇති.

මෙම ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳ හමුදාව​, බුද්ධි සේවා සහ දේශපාලන නායකත්වය යන සියළු පාර්ශව වෙත චෝදනා එල්ල වුණා. කෙසේ වෙතත් දැනට පවතින යුධ මෙහෙයුම් අවසන් වනතුරු දේශපාලන නායකත්වය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට ආණ්ඩුවේ කැමැත්තක් නැහැ. නමුත් හමුදාව පාර්ශවයෙන් කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව හලේවි විසින් අවධාරණය කර තිබෙන බව සඳහන් වුණා. ඒ අනුව හමුදා අංශය පිළිබඳව පමණක් ඔහු විසින් ක්‍රියාවට නංවන්නට අපේක්ෂා කරන පරීක්ෂණයේදී විමර්ශනය කෙරෙනු ඇති.