hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 13, පෙ.ව. 10:43



සිරියානු පාලන ප්‍රදේශයක් වෙත ඊශ්‍රායල හමුදා ඇතුල් වූ පුවතක් සිරියාවේ ආණ්ඩු විරෝධී මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔක්තෝබර් 11 වනදා සිදුවූ බව කියන මෙම මෙහෙයුමේදී ඊශ්‍රායල හමුදා ගෝලාන් කඳුකරයේ සිට අල්-කුනයිත්‍රා පළාතේ කිලෝමීටරයක් තරම් පුළුල් ප්‍රදේශයක මීටර් පන්සියයක් දුරට ඉදිරියට පැමිණ තිබෙනවා.

එම ප්‍රදේශයේ තිබූ ගස් සහ අනෙකුත් බාධක ඉවත් කළ බව ද සඳහන් වන අතර එහි කටු කම්බි වැටවල් ගසා ඇතැයි ද පැවසෙනවා.

මීට දින දෙකකට පෙර වෙනත් ප්‍රදේශයකදී ද මෙවැනි මෙහෙයුමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල හමුදා සිරියාව ඉලක්ක කරගෙන කිසියම් ප්‍රහාරක මෙහෙයුමක් සිදු කරන්නට අර අඳින්නේ ද යන සැකය මේ අනුව නිර්මාණය වනවා.

මේ අතර ඊශ්‍රායල හමුදාවන්ට දකුණුදිග ලෙබනනයේදී තවදුරටත් ප්‍රබල හිස්බුල්ලා ප්‍රතිරෝධයකට මුහුණදීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Example Image