hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 30, පෙ.ව. 6:47



නොබෝදා මාලදිවයින් පාර්ලිමේන්තුවේ ඇතිවූ කෝලාහලයෙන් පසු එරට ජනාධිපති මොහොමඩ් මුයිසුට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය සූදානම් වනවා.

නොබෝදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ කැබිනට් මණ්ඩලයට පත්කරන ලද අමාත්‍යවරුන් කිහිපදෙනකුට අනුමැතිය ලබාදීම පිළිබඳ ඇතිවූ ගැටුමක් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීන් අතර ගුටි හුවමාරුවක තත්ත්වයට ඇදුණා. පාර්ලිමේන්තුවේ බහුතර බලය තවමත් ඇත්තේ මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයටයි. එම පක්ෂය මේ වනවිට මුයිසුට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වනවා.

මාලදිවයින් ජනාධිපති මුයිසු දැඩි ඉන්දියානු විරෝධියකු වන අතර ඔහු විසින් පසුගිය ජනාධිපතිවරණයේදී පරාජයට පත් කරන ලද ඊබ්‍රහිම් සෝලි ඉන්දියානු හිතවාදියෙක්. නව ජනාධිපතිවරයා ධුරයට පත්වී ස්වල්ප දිනකින් ඔහු චීනයේ සංචාරයක ද නිරත වුණා. එමෙන්ම චීන ඔත්තු බලන නෞකාවක් බව පැවසෙන යාත්‍රාවක් පෙබරවාරි 8 වනදා මාලදිවයිනට ළඟාවීමට නියමිතව තිබෙනවා.

මාලදිවයිනේ දූපත් අතර සහන සේවා සහ හදිසි සේවා සඳහා ඉන්දියාව විසින් ලබාදී තිබෙන ගුවන් යානා හා හෙලිකොප්ටර් හැසිරවීම සඳහා එරට නවතා සිටි ඉන්දීය හමුදා සාමාජිකයන් මාර්තු 15 වනවිට ඉවත් කරගන්නා ලෙස ජනාධිපති මුයිසු පසුගියදා ඉන්දියාවට දන්වා සිටියා.