2023 ජූනි 18, පෙ.ව. 4:31
අරාබි මුහුදේ සිට ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට පෙරේදා රාත්‍රී ඇතුළු වූ බිපර්ජොයි සුළි කුණාටුවට ජීවිත දෙකක් බිලි වූ බව එරට මාධ්‍ය වාර්තා කළා.
බටහිර ඉන්දියාවේ පාකිස්තාන දේශසීමාව ආසන්නයෙන් ගොඩබිමට කඩා වැදුණු බිපර්ජොයි තවත් පුද්ගලයන් 22 දෙනකුට තුවාල සිදු කර ඇතැයි ද වාර්තා වෙනවා.
ගුජරාට් ප්‍රාන්ත වෙරළෙන් ගොඩබිමට කඩා වැදීමෙන් පසු කුණාටුව දුර්වල වූවද ඊයේ දහවල් වනවිටත් අධික සුළං තත්ත්වයේ අඩුවක් නැති බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
ඇතැම් දිස්ත්‍රික්කවල ගස් උදුරා දමමින්ද, විදුලි කණු පෙරළා දමමින්ද, මහාමාර්ග රැසක් විනාශ කරමින් ද හමා ගිය මේ සුළි කුණාටුව සැලකිය යුතු ප්‍රමාණයක නිවාස හා ගොඩනැඟිලි හානි ද සිදු කර ඇතැයි වාර්තා වෙනවා.
සුළි කුණාටුවෙන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් ගණනය කර නැතැයි ගුජරාට් ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර සින්ද් ප්‍රාන්තයෙන් රට තුළට කඩා වැදුණු බිපර්ජොයි සුළි කුණාටුවෙන්ප කිස්තානය ද කිසිදු හානියක් වාර්තා කර නැත.
නමුත් ලක්ෂයකට ආසන්න පිරිසක් අවතැන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
සුළි කුණාටුවට පෙර දෙරටේම පුද්ගලයන් ලක්ෂ තුනකට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කිරීමට පියවර ගැනීම නිසා මරණ සංඛ්‍යාව මුළුමනින්ම අවම වීමට බලපා ඇත.
පැයට කිලෝමීටර් 125ක වේගයෙන් හමා ගිය බව කියන බිපර්ජොයි සුළි කුණාටුව ඊයේ දහවල් වනවිට ඉතා දරුණු මට්ටමේ සිට දුර්වල මට්ටම දක්වා පහත වැටීමෙන් පසු වයඹ දෙසට හමා ගිය බැවින් ඉදිරි දින දෙක ඇතුළත ඉන්දියාවේ රාජස්තාන් ප්‍රාන්තයට අධික වර්ෂාපතනයක් ඇද වැටෙනු ඇතැයි අනාවැකි පළ වී තිබෙනවා.
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 8:18
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 5:07
2025 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 7:20
2025 සැප්‍තැම්‍බර් 05, ප.ව. 8:46
2025 සැප්‍තැම්‍බර් 05, ප.ව. 8:37