hit counter

2024 මැයි මස 10 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 19, ප.ව. 7:08



මීළඟ මහමැතිවරණයේදී INDIA සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස කොන්ග්‍රස් පක්ෂ සභාපති මලික්අර්ජුන් කර්ගේ නම්කළ යුතු යයි ත්‍රිණමූල් කොන්ග්‍රස් නායිකා මමතා බැනර්ජි සහ ආම් ආද්මි පක්ෂයේ නායක අර්වින්ද් කෙජ්රිවාල් යෝජනා කර තිබෙනවා.

ඉන්දියාවේ ඉන්ඩියා ටුඩේ හි ජනමාධ්‍යවේදී රාජ්දීප් සර්දේසායි මේ බව සිය X ගිණුම ඔස්සේ ප්‍රකාශ කර තිබෙනවා.

මෙම යෝජනාව ඉදිරිපත්ව ඇත්තේ සන්ධානයේ සිව්වන හමුවේදී යි. අද දින එම හමුව දිල්ලියේ දී ආරම්භ වුණා.

මේ අතර කර්ගේ මෙම යෝජනාව පිළිගෙන නොමැති බවත් මුලින්ම මැතිවරණය ජයගත යුතු බව ඔහුගේ මතය බවත් වාර්තා වනවා.

මීළඟ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය පරාජය කරන අරමුණෙන් පක්ෂ විස්සකට අධික ප්‍රමාණයක් මෙසේ INDIA සන්ධානයට එක්ව සිටිනවා.