2024 ජූනි 25, පෙ.ව. 6:46
ඊයේ ඉන්දියාවේ දහ අටවන ලෝක් සභාවේ මංගල සැසිය පවත්වනු ලැබුණා. එහිදී ඉකුත් දා පැවති මැතිවරණයෙන් පත්වූ මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදුවුණා.
මෙම අවස්ථාවේදී නව දිල්ලි ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ බන්සුරි ස්වරාජ් සිය මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේ සංස්කෘත භාෂාවෙන්. භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රීවරියක වන ඇය හිටපු විදේශ ඇමතිණී සුෂ්මා ස්වරාජ්ගේ දියණිය යි.
ඉන්දියාවේ ඉපැරණි භාෂාවක් වන සංස්කෘත භාෂාව ප්‍රචලිත කිරීම සඳහා කටයුතු කරන පිරිසක් එරට වනවා. වර්තමාන ඉන්දියාවේ සංස්කෘත ව්‍යවහාර කරන්නේ ඉතාම ස්වල්ප පිරිසක්. නමුත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි පිළිගත් භාෂාවක් ලෙස ඇතුලත්ව තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48