2025 අප්‍රේල් 25, පෙ.ව. 10:47
පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව සහ පාකිස්ථානය එකට එක කිරීමේ ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමත් සමග දෙරට අතර ගැටුමක් පිළිබඳ බිය වැඩිවී තිබෙනවා.
අප්‍රේල් 23 වනදා රාත්‍රියේ ඉන් දියාව පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ රජයේ නිල ප්‍රතිචාරයන් ප්‍රසිද්ධ කළා. මෙම ප්‍රහාරය පිටුපස පාකිස්ථානය සිටින බව චෝදනා කළ ඉන්දියාව ප්‍රධාන පියවර පහක් තමන් ගන්නා බව කියා සිටියා.
එයින් ප්‍රධානම කරුණ වූයේ 1960 සින් ධු නදී ගිවිසුම අත්හිටවීමට තීරණය කිරීමයි. මීට අමතරව අටාරි දේශසීමා මුරපොළ වසා දැමීම, සාක් වීසා ක්‍රමය යටතේ ඉන්දියාවට පැමිණ සිටින පාකිස්ථානුවන්ට පිටවීමට නියම කිරීම, පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක අංශ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් රටින් පිටමං කිරීම සහ පාකිස්ථානයේ ඉන් දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක අංශ තානාපති නිලධාරීන් ආපසු කැඳවීම මෙන්ම දෙරටේ මහකොමසාරිස් කාර්යාලවල කාර්යය මණ්ඩලය 55 සිට 30 දක්වා අඩු කිරීම ද අනෙකුත් පියවර අතර වුණා.
මේ අතර පාකිස්ථානය ද ඊට ප්‍රතිචාර දක්වමින් තානාපති නිලධාරීන් අඩු කිරීම, සිය ගුවන් සීමාව ඉන්දියානු යානා සඳහා තහනම් කිරීම, දෙරට අතර වෙළෙඳාම අත්හිටුවීම සහ ශිම්ලා ගිවිසුම අත්හිටුවීම වැනි පියවර ප්‍රකාශයට පත්කළා. මේ අතර දෙරටෙහිම ආරක්ෂක අංශ සීරුවෙන් තබා තිබෙනවා.
කශ්මීරයේ දෙරට අතර වන පාලන සීමාව ඒකපාර්ශවිකව වෙනස් නොකරන බව ශිම්ලා ගිවිසුමේ ප්‍රධානම කොන්දේසිය වන අතර පාකිස්ථානය ඉන් ඉවත් වීම හේතුවෙන් කිසියම් අවිනිශ්චිතභාවයක් නිර්මාණය වී තිබෙනවා.
2025 අප්‍රේල් 27, පෙ.ව. 6:25
2025 අප්‍රේල් 27, පෙ.ව. 6:21
2025 අප්‍රේල් 23, පෙ.ව. 12:14
2025 අප්‍රේල් 22, ප.ව. 8:14
2025 අප්‍රේල් 22, පෙ.ව. 10:12