hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 02, පෙ.ව. 8:03



ජර්මන් ගුවන් හමුදාපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිපදෙනකු යුක්‍රේනය පිළිබඳ මෙන්ම ක්‍රිමියා පාලමට පහරදීම පිළිබඳ කළ සාකච්ඡාවක බව කියන හඬපට ප්‍රසිද්ධ වීම සම්බන්ධව ජර්මනිය පරික්ෂණයක් අරඹා තිබෙනවා.

බිල්ඩ් මාධ්‍ය ආයතනය සමග අදහස් දක්වන ජර්මන් ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශකයකු පවසා තිබෙන්නේ රුසියාව හෝ රුසියාවේ මිතුරු රටක් ජර්මන් ගුවන් හමුදා සන්නිවේදනයන්ට සවන් දුන්නේ ද යන්න පරික්ෂා කෙරෙන බවයි.

අදාල හඬපටයේ අඩංගු කරුණු පිළිබඳ තහවුරු කිරීමක් එම ප්‍රකාශකයා කර තිබුණේ නැහැ.

මේ අතර අනාගතයේදී මෙවන් සිදුවීම් වළකාගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව හමුදා ප්‍රතිබුද්ධි කටයුතු පිළිබඳ ෆෙඩරල් කාර්යාලය පවසා තිබුණා.

ඉකුත් පෙබරවාරි 19 වනදා සිදුවූ බව කියන මෙම සංවාදයේදී යුක්‍රේනයට ටෝරිස් මිසයිල ලබාදීම සහ ක්‍රිමියා පාලමට පහරදීම පිළිබඳ ජර්මනියට දැක්විය හැකි දායකත්වය ආදිය පිළිබඳ සාකච්ඡා සිදුව තිබෙන බවයි ඒ පිළිබඳව බව කියන හඬපටයෙන් පෙනී යන්නේ.