hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2023 දෙසැම්‍බර් 24, ප.ව. 5:18



ඊයේ ඉන්දියාවේ ගුජරාටයට ඔබ්බෙන් පිහිටි ඉන්දියන් සාගර ප්‍රදේශයේදී MV Chem Pluto නම් වූ ඛනිජ තෙල් ප්‍රවාහනය කරන නෞකාවකට එල්ල වූ ප්‍රහාරය ඉරාන ඩ්‍රෝනයකින් සිදුවූවක් බවට ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව තවදුරටත් කියා සිටින්නේ මෙය 2021 සිට ඉරානය විසින් වෙළෙඳ නැව්වලට එල්ල කළ හත්වන ඩ්‍රෝන ප්‍රහාරය බවයි.

සෞදි අරාබියේ ජුබේල් වරායේ සිට ඉන්දියාවේ මැංගලෝර් වෙත ගමන් කරමින් තිබූ MV Chem Pluto නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් එහි ගින්නක් ඇති වුවත් එය පාලනය කරනු ලැබුණා. එම නෞකාව වෙත ඉන්දීය මුහුදු ආරක්ෂක හමුදාවේ නෞකාවක් යවන ලද අතර එම වෙළෙඳ නෞකාව මුම්බායි වෙත ගෙන ඒමට කටයුතු සිදුවන බව වාර්තා වුණා.

පසුගිය දිනවල හූති කැරලිකරුවන් විසින් රතු මුහුද ආශ්‍රිතව නෞකාවලට පහරදීම් කළ ද විවෘත ඉන්දියානු සාගර ප්‍රදේශයේ මෙවැනි ප්‍රහාර එල්ල වී තිබුණේ නැහැ.