hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 03, ප.ව. 9:43



ඉරානයේ කර්මන් නගරයේ අද සිදුවූ බෝම්බ පිපිරීම් දෙකක් හේතුවෙන් 100 කට අධික පිරිසක් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

ජෙනරල් කාසෙම් සුලෙයිමානි ඝාතනයේ සිව් වන සැමරුම අවස්ථාවේ මෙම ප්‍රහාරයන් එල්ල වී තිබුණා. ඔහුගේ සිරුර තැන්පත් කර ඇති සුසානය දෙසට යන මං දෙකක මෙම බෝම්බ පිපිරී ගොස් තිබෙනවා.

එක් බෝම්බයක් ඔහුගේ සොහොන ඇති ස්ථානයට මීටර් 700 ක් ඈතින් ද අනෙක් බෝම්බය සොහොනේ සිට කිලෝමීටරයක් ඈතින් ද පිපිරී ගොස් ඇතැයි වාර්තා වනවා. පිපිරීම් දෙක සිදුව ඇත්තේ විනාඩි දහයක පරතරයකින්.

මෙම බෝම්බ දෙක ඈතින් සිට පුපුරවා හරින ලද බෝම්බ බවයි විශ්වාස කෙරෙන්නේ. විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි හෙයින් මරණ සංඛ්‍යාව බෙහෙවින් ඉහළ ගොස් තිබෙනවා.

මෙම ප්‍රහාරය පිටිපස ඊශ්‍රායලය සිටී යයි ඉරානයේ ඇතැම් නිලධාරීන් සැක පහළ කරන බව වාර්තා වුණා.