2024 සැප්‍තැම්‍බර් 19, ප.ව. 7:03
ඉරානයේ හැකර්වරුන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ ඊමේල් හැක් කර, එම තොරතුරු ජනාධිපති ජෝ බයිඩන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ අය වෙත යවා ඇතැයි ඇමරිකාවේ ආයතනය සහ බුද්ධි සේවා පවසනවා.
මෙය සිදුව ඇත්තේ ජූනි සහ ජූලි මාසවලයි. ඒ වනවිට ජෝ බයිඩන් ජනාධිපති තරගයෙහි රැඳී සිටියා.
ට්‍රම්ප් පාර්ශවය කියා සිටින්නේ බයිඩන් ඉරානයට හිතවාදී වන බැවින් මෙසේ ඉරාන හැකර්වරුන් තම මැතිවරණ කටයුතු පිළිබඳ තොරතුරු බයිඩන් පාර්ශවයට ලබා දී ඇති බවයි.
තමන් ලබාගත් තොරතුරු මොනවාද සහ ඒවා ලබාගත්තේ කවදාද යන කරුණු රටට හෙළි කරන ලෙස ට්‍රම්ප් මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රකාශිකාවක බයිඩන් කඳවුරට කියා සිටිනවා.
මේ වනවිට ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති සහ උප ජනාධිපති අපේක් ෂකයින් වන කමලා හැරිස් සහ ටිම් වොල්ට්ස්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රකාශිකාවක මාධ්‍ය වෙත අදහස් දක්වමින්, මැතිවරණ ව්‍යාපාරයේ පහළ මට්ටමේ කිහිප දෙනකු හා සම්බන්ධ වීමට කිසියම් පාර්ශවයක් උත්සාහ කළ ද එයින් තොරතුරු අනාවරණය වීමක් සිදුව ඇතැයි හෙළි නොවන බව කියා සිටියා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24