hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 13, ප.ව. 10:00



ඉරානයේ ඉස්ලාමීය විප්ලවකාරී මුරභට හමුදාවේ නාවික හමුදාව විසින් ඊශ්‍රායල ව්‍යාපාරිකයකුගේ සමාගමකට අයත් නෞකාවක් පැහැරගෙන තිබෙනවා.

හොර්මූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජෙයිරා වරායට ඔබ්බෙන් මුහුදේදී මෙම පැහැරගැනීම සිදුව ඇත්තේ. විප්ලවකාරී මුරභට හමුදාවේ නාවික හමුදාවට අයත් හෙලිකොප්ටරයකින් ගොඩබැස ඇති භටයින් නෞකාව සිය භාරයට ගෙන ඉරාන සමුද්‍ර ප්‍රදේශයට ගෙනගොස් තිබෙනවා.

එයාල් ඔෆර්ට අයත් සොඩියැක් සමූහය සතු නෞකාවක් වන MSC Aries මෙසේ පැහැරගෙන ඇති අතර එය පෘතුගාල ධජය යටතේ ගමන් කරන්නක්. එහි කාර්ය මණ්ඩලය 25 දෙනකු සිටිනවා.