2024 නොවැම්‍බර් 04, ප.ව. 6:37
ඉරානයේ ඉස්ලාමීය විප්ලවකාරී මුරභට හමුදාවේ නිලධාරියකු ඇතුළු දෙදෙනෙක් එරට ගිණිකොණදිග ප්‍රදේශයෙහි සිස්ටාන්-බලුචිස්ථාන් පළාතේ සිදුවූ ගුවන් අනතුරකින් මියගොස් තිබෙනවා.
ෆාර්ස් පුවත් සේවය සඳහන් කරන පරිදිත්‍රස්ත විරෝධී ක්‍රියාන්විතයක් අතරතුර සිදුවූ ගයිරෝප්ලේන් අනතුරකින් මෙසේ මියගොස් ඇත්තේ නිනවේ බ්‍රිගේඩයේ අණදෙන නිලධාරී හමිඩ් මසන්දරානි සහ යානය පැදවූ නියමුවායි.
සිස්ටාන්-බලුචිස්ථාන් ප්‍රදේශයේ මෑතකදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් සන්නද්ධ අංශයන් හි දස දෙනකු මියගියා. එම ප්‍රදේශයේ බලුචිස්ථාන සටන්කාමීන් විටින් විට ඉරාන සන්නද්ධ අංශ ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24