2024 ඔක්‍තෝබර් 01, ප.ව. 10:02
ඉරානය ඊශ්‍රායල ඉලක්ක වෙත පහරදීම සඳහා බැලිස්ටික් මිසයිල සූදානම් කර තිබෙන බව වාර්තා වනවා.
මේ බව මුලින්ම සඳහන් කළේ Axios වෙබ් අඩවියයි. ඒ ඇමරිකානු ධවල මන්දිර නිලධාරියකු වෙතින් ලද තොරතුරක් මත බවයි සඳහන් වුණේ.
මේ අතර එයින් ස්වල්ප වෙලාවකට පසුව මධ්‍යම ඊශ්‍රායලයේ ජනතාවට ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස එරට ආණ් ඩුවෙන් උපදෙස් ලැබුණා.
ඉරාන ප්‍රහාරය ඊශ්‍රායල හමුදා ඉලක්ක වෙත එල්ල වනු ඇති බවයි මේ අතර ඇමරිකානු නිලධාරීන් උපුටා දක්වන NBC ආයතනය පවසා සිටියේ.
මෙම ප්‍රහාරය අප්‍රේල් මාසයේදී ඊශ්‍රායලය වෙත එල්ල වූ ඉරාන ප්‍රහාරයට වඩා ප්‍රබල වේ යයි අනුමාන කෙරෙනවා.
2025 ජනවාරි 23, ප.ව. 4:59
2025 ජනවාරි 21, ප.ව. 12:14
2025 ජනවාරි 21, පෙ.ව. 10:04
2025 ජනවාරි 20, ප.ව. 9:38
2025 ජනවාරි 19, ප.ව. 7:02