hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 ජනවාරි 11, ප.ව. 11:50



ඉරානයේ විරෝධතාකරුවන්ට සහය පළකරමින් ගතහැකි පියවර මොනවාදැයි ඇමරිකානු පරිපාලනය තුළ සාකච්ඡාවක් ඇතිවී තිබෙනවා.

මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ගතහැකි සියලු විකල්ප සලකා බලනු ලබන බවයි. මිලිටරි ක්‍රියාදාමයක් ගැනීම පිළිබඳ සාකච්ඡා වුවද ඒ පිළිබඳ අවසන් තීරණයකට එළඹ නැහැ. මිලිටරි ප්‍රහාර එල්ල කිරීමෙන් විරෝධතාකරුවන්ට අවාසි සිදුවේ යැයි වන සැකය ද මෙහිදී සලකා බලනු ලැබ තිබෙනවා. දැනට පවතින තත්ත්වය අනුව කඩිනම් මිලිටරි ප්‍රහාරයක් සිදුවීමේ ඉඩකඩ බෙහෙවින් අඩු බවයි වාර්තා වන්නේ. එහෙත් ට්‍රම්ප්ගේ සිත ක්ෂණිකව වෙනස් වීමට ද හැකියාව ඇතැයි ඇමරිකානු නිලධාරීන් උපුටා දක්වන ඇක්සියොස් වෙබ් අඩවිය පවසනවා..

මේ අතර​, ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග ඉරානය සහ අනෙකුත් කලාපීය අර්බුද පිළිබඳ දුරකථනය ඔස්සේ සාකච්ඡා කර තිබෙනවා. මෙහිදී නිශ්චිත ලෙස ඉරානයට මිලිටරි මැදිහත්වීමක් පිළිබඳ සාකච්ඡා වූයේදැයි තහවුරු වී නැහැ.