hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 25, ප.ව. 9:21



ඉන්දියන් සාගරයේදී තෙල් ප්‍රවාහන නෞකාවකට එල්ල වූ ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම් බන් ධයක් නැතැයි ඉරානය පවසනවා.

ඉරාන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක නසර් කනානි පවසන්නේ ගාසා හි සමූල ඝාතනයන්ට අනුබල දෙන ඇමරිකා එක්සත් ජනපදය ඉරානය දෙසට පදනම් විරහිත චෝදනා එල්ල කරන බවයි.

තමන් ඊශ්‍රායලයට අනුබල දීම පිළිබඳ චෝදනා එල්ල වීම මගහැරවීම සඳහා ඇමරිකාව වෙනත් විවිධ පාර්ශව වෙත දෝෂාරෝපණය කරමින් සිටින බවයි කනානි කියා සිටින්නේ.

සවුදි අරාබියේ සිට ඉන්දියාව වෙත ගමන් කරමින් සිටි MV Chem Pluto නම් නෞකාවකට පසුගියදා ගුජරාටයට ඔබ්බෙන් වන සාගර ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල වුණා. ඇමරිකාව කියා සිටියේ මෙය ඉරානයෙන් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් බවයි.