hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 14, පෙ.ව. 3:23



ඉරානය ඊශ්‍රායලයට එරෙහි මෙහෙයුම් අරඹන ලද බව නිල වශයෙන් නිවේදනය කළා. ඒ අනුව ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන ගණනාවක් දියත් කරන ලද බව වාර්තා වනවා.

ඊශ්‍රායලය ප්‍රකාශ කරන්නේ තමන් එම ඩ්‍රෝන කලින්ම විනාශ කිරීම සඳහා සූදානමින් සිටින බවයි.

මේ අතර ඉරාකය​, ජෝර්දානය යන රටවල් සිය ගුවන් සීමාව වසා දමා තිබෙනවා. සිරියාවද සිය මිසයිල බලකා සූදානමින් තබන ලදැයි වාර්තා පළවුණා.

තවද ඉරාන හිතවාදී සංවිධානයක් වන ඉරාකයේ ඛටීබ් හිස්බුල්ලා සංවිධානය ද ඊශ්‍රායලයට එරෙහි මෙහෙයුම් ආරම්භ කරන බව ප්‍රකාශ කර තිබෙනවා.