hit counter

2024 මැයි මස 15 වන බදාදා

2024 ජනවාරි 07, ප.ව. 12:00



ඉරාකයේ රැඳී සිටින ඇමරිකානු හමුදා ඉවත් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව එරට අගමැති මොහොමඩ් ශියා අල් සුදානි පවසනවා.

මේ තීරණය ඔහු ගෙන ඇත්තේ නොබෝදා ඇමරිකානු ප්‍රහාරයකින් ශියා පැරාමිලිටරි කණ්ඩායමක් වන Popular Mobilization Forces හි බැග්ඩෑඩ් ප්‍රදේශයේ නායකයකු මිය යාමේ සිදුවීම නිසයි.

අල් සුදානි පෙන්වා දෙන්නේ PMF යනු ඉරාක සන්නද්ධ අංශ සමග අනුබද්ධ කණ්ඩායමක් වන හෙයින් එය ඉරාක ආරක්ෂ අංශයන් හිම කොටසක් වන බවයි. එවැනි කණ්ඩායමක ප්‍රබලයකු ගුවන් ප්‍රහාරයකින් ඝාතනය කිරීම තමන් අනුමත නොකරන බව අල් සුදානි පවසනවා.

ඇමරිකානු හමුදාවන්ට ස්ව ආරක්ෂාව සලසාගැනීමේ අයිතිය ඇති නමුත් මෙවන් ප්‍රහාර එල්ල කිරීම අනුමත නොකරන බව අල් සුදානි කියා සිටියා.

මේ අනුව ඇමරිකානු හමුදා ඉවත් කිරීම සඳහා සාකච්ඡා කරඹන බවයි ඔහු කියා සිටියේ. ඉරාකයේ මේ වනවිට 2,500 ක ඇමරිකානු හමුදා රැඳී සිටින අතර ඔවුන් එහි සිටියේ ත්‍රස්තවාදීන් හා කළ සටන්වලට ආධාර කිරීම උදෙසායි.