hit counter

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 20, පෙ.ව. 8:39



ඉරාකයේ පිහිටි කල්සු හමුදා කඳවුර වෙත අද​ අලුයම් කාලයේ ප්‍රහාරයක් එල්ල වුණා. මෙම ප්‍රහාරයෙන් අනතුරුව එහි විශාල ගින්නක් සහ පිපිරුම් ඇතිවූ අතර කඳවුරේ අවි ආයුධ ගබඩාවක් ගිනිගන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

ප්‍රහාරය පිළිබඳ ඇමරිකාව සහ ඊශ්‍රායලය දෙසට චෝදනා එල්ල වනවා. කෙසේ වෙතත් ඇමරිකාව සඳහන් කළේ තමන් ඉරාකය තුළ අද දින මෙහෙයුම් ක්‍රියාත්මක නොකළ බවයි.

මෙම කඳවුර ඉරාක රජයේ අනුග්‍රහය ලබන Popular Mobilization Forces මිලීෂියා සන්ධානය විසින් භාවිතා කරන්නක්. එම සන්ධානයේ සාමාජික කණ්ඩායම් වැඩි ප්‍රමාණයක් ශියා මුස්ලිම් කණ්ඩායම් වන අතර එයින් සමහරක් සහ ඉරානය අතර සමීප සබඳතා පවතිනවා.