hit counter

2024 මැයි මස 17 වන සිකුරාදා

2024 පෙබරවාරි 05, ප.ව. 9:22



ඊළඟ දශකයක කාලය තුළ අයර්ලන්තය එක්සත් වීම පිළිබඳ ජනමත විමසුමක් පැවැත්වීමේ ඉඩක් ඇතැයි උතුරු අයර්ලන්තයේ පළමු අමාත්‍ය මිශෙල් ඔනීල් පවසනවා.

ස්කයි නිව්ස් ආයතනය සමග පැවති සාකච්ඡාවකදී ඇය මේ බව ප්‍රකාශ කළා.

අයර්ලන්ත එක්සත්භාවය උදෙසා කටයුතු කරන සින් ෆෙන් සංවිධානයේ සාමාජිකාවක වන ඇය පෙබරවාරි 3 වනදා උතුරු අයර්ලන්තයේ පළමු අයිරිෂ් රිපබ්ලිකන් ජාතිකවාදී ප්‍රථම අමාත්‍යවරිය බවට පත්වුණා.

2022 දී පැවති උතුරු අයර්ලන්ත මැතිවරණයේදී සින් ෆෙන් සංවිධානය පළමු ස්ථානයට පත්වූ නමුත් ප්‍රජාතාන්ත්‍රික යූනියනිස්ට් පක්ෂයේ විරෝධය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් උතුරු අයර්ලන්තයේ ආණ් ඩුවක් ස්ථාපිත කළ නොහැකිව තිබුණා.

උතුරු අයර්ලන්තයේ අනාගතය පිළිබඳ ජනමත විචාරණයක් පවත්වන්නේ නම් එයට බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ අනුමැතිය අවශ්‍ය වනවා.