hit counter

2024 ජූලි මස 13 වන සෙනසුරාදා

2024 ජූනි 23, ප.ව. 4:52



ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර බරපතල යුද්ධයකදී ඊශ්‍රායලයේ අයර්න් ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතියට දරාගත නොහැකි තරම් රොකට් සහ මිසයිල එල්ල වීමෙන් එම පද්ධතිය අසාර්ථක වීමේ අවදානමක් ඇති බව ඇමරිකානු බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

ඊශ්‍රායලයේ මූලෝපායික කටයුතු ඇමති රොන් ඩර්මර් සහ ජාතික ආරක්ෂක උපදේශක සාචි හනෙග්බි ඇමරිකාවේ කළ සංචාරය අතරතුරදී ද මේ ගැන අවධානය යොමුව තිබෙනවා.

මෙම අවදානම ඊශ්‍රායලය ද වටහාගෙන ඇති අතර ගාසා තීරය දෙස ඇති අයර්න් ඩෝම් පද්ධති උතුරු ඊශ්‍රායලය වෙත ගෙන යාමට ඔවුන්ගේ අවධානය යොමුව ඇතැයි කියැවෙනවා.

මේ අතර හිස්බුල්ලා සංවිධානය සඳහන් කරන්නේ ඊශ්‍රායලය තමන්ට එරෙහිව ප්‍රහාරයක් දියත් කළහොත් දැඩි ලෙස සටන් කරන බවයි. එමෙන්ම ඊශ්‍රායලෙයේ හමුදාමය වැදගත්කමකින් යුක්ත ස්ථානවල බව පැවසෙන ස්ථාන ගණනාවක ඩ්‍රෝන මගින් ලබාගත් වීඩියෝ දර්ශන සහිත වීඩියෝ පටයක් මෑතකදී නිකුත් කළ හිස්බුල්ලා සංවිධානය කියා සිටියේ තමන්ට ඊශ්‍රායලයේ හමුදාමය ඉලක්ක පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති බවයි.

එහෙයින් ඊශ්‍රායල ප්‍රහාරයක අවස්ථාවේදී එම ඉලක්ක වෙත ද දැඩි ප්‍රහාර එල්ල විය හැකි යයි ඔවුන් පෙන්වා දෙනවා.