hit counter

2024 මැයි මස 10 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 21, පෙ.ව. 7:34



ප්‍රාණ​ඇපකරුවන් නිදහස් කරගැනීම සඳහා නව සටන් විරාමයක් ඇතිකරගැනීම පිණිස සිදුවන සාකච්ඡා සඳහා හමාස් දේශපාලන අංශ නායක ඉස්මයෙල් හනියේ ඊජිප්තුවට පැමිණියා.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර දෙවැනි සටන් විරාමයක් පිළිබඳ දින කිහිපයක් තිස්සේ පුවත් වාර්තා වන අතර ඊශ්‍රායලය එවන් සටන් විරාමයක් සඳහා සූදානම් බව මෑතකදී සඳහන් කර තිබුණා.

එහිදී හමාස් සංවිධානය භාරයේ සිටින ප්‍රාණ​ඇපකරුවන් නිදහස් කිරීම සහ ඒ වෙනුවෙන් ඊශ්‍රායලය භාරයේ සිටින පලස්තීන සිරකරුවන් නිදහස් කිරීමත්, ගාසා තීරයට මානුශීය ආධාර යැවීමත් පිළිබඳ සාකච්ඡා සිදුවනු ඇති.

හනියේ ඊජිප්තුවට පැමිණීම මෙම සටන් විරාම යෝජනා සඳහා ඉතා ධනාත්මක පියවරක් ලෙසට පෙනීගොස් තිබෙනවා. ඔහු සාමාන්‍යයෙන් ජීවත් වන්නේ කටාර් රාජ්‍යයේ යි. කටාර් රාජ්‍යය සටන් විරාම සඳහා මැදිහත්කරු ලෙස කටයුතු කළ අතර ඊජිප්තුව ද එයට දායක වුණා.