2024 ජනවාරි 06, ප.ව. 10:53
ඊශ්‍රායලයේ ලෙබනන දේශසීමාව අසළ මෙරොන් කන්දෙහි පිහිටි හමුදා නිරීක්ෂක කඳවුරක් වෙත මිසයිල 62 ක් එල්ල කළේ යයි හිස්බුල්ලා සංවිධානය පවසනවා.
මෙම ප්‍රහාරය ගෝලාන් කඳුකරයෙන් පිටත පිහිටි ඊශ්‍රායල පාලනයේ ඇති උසම කන්ද වන අතර වැදගත් නිරීක්ෂක මධ්‍යස්ථානයක් වනවා.
හිස්බුල්ලා සංවිධානය පැවසූයේ මෙම ප්‍රහාරය නොබෝදා සිදුවූ හමාස් දේශපාලන අංශයේ උප නායක ආලෙහ් අල්-අරූරි ඝාතනයට පළිගැනීමේ ආරම් භය බවයි.
මෙම කඳවුරට මිසයිල 40 ක් එල්ල වූ බව ඊශ්‍රායලය ද ප්‍රකාශ කළ නමුත් ඔවුනට සිදුවූ හානි පිළිබඳ කිසිවක් සඳහන් කර තිබුණේ නැහැ.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48