2024 ඔක්තෝබර් 29, පෙ.ව. 11:15
ඉරානය වෙත නැවතත් ප්‍රහාරයක් එල්ල කිරීම කෙරෙහි ඊශ්‍රායලය සලකා බලමින් සිටින බව ඉරාන් ඉන්ටර්නැශනල් මාධ්‍ය ආයතනය වාර්තා කර තිබුණා.
පසුගියදා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පුද්ගලික නිවසට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙසයි මෙම ප්‍රහාරය සිදුකිරීම පිළිබඳ සලකා බලන්නේ යයි වාර්තා වන්නේ. මේ පිළිබඳ යෝජනාව ඊශ්‍රායල ආරක්ෂක කවුන්සිලය වෙත ලැබී ඇතැයි ද වාර්තා කරනු ලැබුණා.
ඔක්තෝබර් 26 වනදා අලුයම් කාලයේ ඊශ්‍රායලය විසින් ඉරානයේ හමුදා ඉලක්ක ගණනාවක් වෙත පහරදෙන ලද අතර එයින් සැලකිය යුතු හානි සිදුව ඇතැයි ඊශ්‍රායලය පවසනවා. මේ අතර ඉරානය කියා සිටියේ එම ප්‍රහාරය බොහෝදුරට මැඩපැවැත්වූ බවයි. කෙසේ වෙතත් ඊශ්‍රායලය වෙත ප්‍රතිචාර දක්වන බවට ඉරාන බලධාරීන් කිහිපදෙනකුම පවසා තිබුණා.
නෙතන්යාහුගේ නිවසට එල්ල වූ ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි ඉරානය අවධාරණය කර සිටිනවා. කෙසේ වෙතත් ඊශ්‍රායලය ප්‍රකාශ කරන්නේ ඊට ඉරානය වගකිව යුතු බවයි. එම ප්‍රහාරය එල්ල කරන ලද්දේ ඉරානය ද හිස්බුල්ලා සංවිධානය ද යන කරුණ එතරම් වැදගත් නොවන බවයි ඊශ්‍රායලයේ මතය වන්නේ. හිස්බුල්ලා සංවිධානය යනු ඉරාන සහය මත පවතින සංවිධානයක් බැවින් එම ප්‍රහාරය කවුරුන් එල්ල කළ ද එයට ඉරානයේ වගකීමක් ඇති බවයි ඊශ්‍රායලය කියා සිටින්නේ.
2024 නොවැම්බර් 10, පෙ.ව. 5:04
2024 නොවැම්බර් 08, ප.ව. 6:14
2024 නොවැම්බර් 07, ප.ව. 7:42
2024 නොවැම්බර් 07, ප.ව. 7:01
2024 නොවැම්බර් 06, පෙ.ව. 10:35