hit counter

2026 ජූලි මස 25 වන සෙනසුරාදා

2024 ජූනි 25, ප.ව. 4:32



ඊශ්‍රායලයෙහි අල්ට්‍රා-ඕර්තඩොක්ස් (ආන්තික සම්ප්‍රදායානුකූල​) යුදෙව් තරුණයින් යුධ සේවයෙන් නිදහස් කිරීම නීති විරෝධී බව ඊශ්‍රායල ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම තරුණයින් යුධ සේවය සඳහා බඳවා ගැනීමට කටයුතු කළ යුතු බවත් එය පරිපාලන මූලධර්ම අනුව හැකි වේගයෙන් සිදුවිය යුතු බවත් එම අධිකරණය තීරණය කළා.

මෙම තීරණය ඊශ්‍රායල ආණ්ඩුවේ අලුත් අර්බුදයක් ඇතිකිරීමට හේතු විය හැකියි. එහි අල්ට්‍රා-ඕර්තඩොක්ස් දේශපාලන පක්ෂ මෙම තීන්දුව කෙරෙහි දැනටමත් සිය අප්‍රසාදය දක්වා තිබෙනවා.