hit counter

2024 මැයි මස 10 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 20, පෙ.ව. 8:01



ප්‍රාණ​ඇපකරුවන් මුදාගැනීම පිළිබඳව හමාස් සංවිධානය සමග සටන් විරාමයක් නැවත ස්ථාපිත කරගැනීමට ඊශ්‍රායලය සූදානම් බව එරට ජනාධිපති ඉසාක් හර්ට්සොග් ඊයේ කියා සිටියා.

මේ අතර ඊශ්‍රායලයේ චැනල් 12 ආයතනය පවසන පරිදි කලින් අවස්ථාවේ මෙන්ම ප්‍රාණ​ඇපකරුවන් වෙනුවෙන් සිරකරුවන් නිදහස් කිරීම සහ මානුශීය ආධාර ගාසා තීරය වෙත යැවීම පිළිබඳ එකඟතාවයක් ඇතිකර ගැනීමට ඊශ්‍රායලය සූදානමින් සිටිනවා.

මෑතකදී ඊශ්‍රායල ප්‍රාණ​ඇපකරුවන් තිදෙනකු ඊශ්‍රායල හමුදාවන් විසින්ම එල්ල කළ ප්‍රහාරවලින් මියයාමත් සමග ප්‍රාණ​ඇපකරුවන් මුදාගැනීමට ඊශ්‍රායල ආණ්ඩුව ප්‍රමාණවත් උත්සාහයක් නොදරන්නේය යන චෝදනාව ඊශ්‍රායලය තුලින්ම නැවතත් මතුවෙන්නට පටන් ගැනුණා.

මේ අතර ඇමරිකාවේ සංවිධානය ද සටන් විරාමයක් ඇතිකරගැනීම පිළිබඳ ඊශ්‍රායලය සහ කටාර් රාජ්‍යය සමග සාකච්ඡා පැවැත්වූ බව වාර්තා වනවා. කටාර් රාජ්‍යය පළමු සටන් විරාමය සඳහා මැදිහත්කරු ලෙස කටයුතු කළා.