hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 28, ප.ව. 9:30



ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් සඳහා සාකච්ඡා අවසන් අදියරට එළඹෙමින් තිබෙන බව ඊයේ නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළා.

මෙම පුවත්පත් වාර්තාව අනුව හමාස් සංවිධානය ක්‍රමානුකූලව තමන් විසින් රඳවාගන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරනු ඇති. ඒ වෙනුවෙන් ඊශ්‍රායලය ද පලස්තීන රැඳවියන් නිදහස් කිරීමටත් මානුශීය ආධාර ගාසා තීරයට ලැබීමට සැලැස්වීමටත් එකඟ වී තිබෙන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඊශ්‍රායලය විසින් නිදහස් කෙරෙන රැඳවියන් ප්‍රමාණය පිළිබඳ මෙතෙක් නිශ්චිත එකඟතාවයකට පැමිණ නැහැ.

හමාස් සංවිධානය මීට පෙර කියා සිටියේ තමන් ස්ථිර සටන් විරාමයකට මිස කෙටිකාලීන එකඟතාවයකට අකැමැති බවයි. කෙසේ වෙතත් මේ වනවිට ඔවුන් එම ස්ථාවරය ලිහිල් කිරීමට එකඟ වූ බවක් පෙනී යනවා.

මෙම සටන් විරාමය සඳහා ඇමරිකාව මැදිහත් වූ අතර කටාර් සහ ඊජිප්තු මැදිහත්කරුවන් සමග සාකච්ඡා කිරීමට CIA ප්‍රධානියා පවා සම්බන්ධ වුණා.