hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 27, ප.ව. 3:16



ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමයක් අද ඊශ්‍රායල වෙලාවෙන් අලුයම 4 සිට ක්‍රියාත්මක වුණා.

දකුණු ලෙබනනයෙහි සිටින ඊශ්‍රායල හමුදා දින 60 ක් තුළ සම්පූර්ණයෙන් ඉවත් කෙරෙන බවටත් ලෙබනන හමුදා දකුණු ලෙබනනයෙහි රඳවන බවටත්, ලිටානි නදියෙන් දකුණුදිගට වන්නට හිස්බුල්ලා ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් නවත්වන බවටත් මෙම සටන් විරාම කොන් දේසිවල අඩංගු කරුණු අතර වේ යයි සඳහන්.

දකුණු ලෙබනනයේ ගම්මාන අතැර ගිය ජනයා නැවත සිය ගම් බිම් කරා පැමිණෙමින් සිටිනවා. කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදා අවධාරණය කළේ තම හමුදා ස්ථානගතව තිබෙන ස්ථාන ආසන්නයට පැමිණීමෙන් වළකින ලෙසයි.

එමෙන්ම හිස්බුල්ලා සංවිධානය ප්‍රතිසංවිධානය වීමට උත්සාහ කරන්නේ නම් ඔවුන්ට පහරදෙන බව ද ඊශ්‍රායලය පවසනවා.