hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2023 දෙසැම්‍බර් 27, ප.ව. 11:12



හමාස් සංවිධානය සමග කෙරෙන යුද්ධය තවත් මාස ගණනක් ඇදී යා හැකි බව ඊශ්‍රායල හමුදා ප්‍රධානී හර්ට්සි හලේවි පවසනවා.

ඔහු ඊයේ මාධ්‍යවේදීන් සමග සඳහන් කළේ හමාස් ත්‍රස්තවාදීන් සම්පූර්ණයෙන් විනාශ කිරීමට කෙටි ක්‍රම නොමැති බවයි. ඒ සඳහා ඒකායන පරමාර්ථයෙන් සහ විශ්වාසයෙන් යුතු යුධ ව්‍යාපාරයක් අවශ්‍ය බවයි ඔහු ප්‍රකාශ කළේ.

සඳුදා දිනයේ ඊශ්‍රායල අගමැති බෙන් ජමින් නෙතන් යාහු ද මීට සමාන අදහසක් ප්‍රකාශ කර තිබුණා. ඔහු සඳහන් කළේ දිගුකාලීන සාමයක් අවශ්‍ය නම් මුලින්ම හමාස් සංවිධානය විනාශ කර ඉන්පසු ගාසා තීරය යුධහරණය සහ රැඩිකල්හරණය කළයුතු බවයි. මේ සඳහා දිගු කලක් ගතවිය හැකි යයි ඔහු කියා සිටියා.

ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලින් මේ වනවිට ගාසා හි මරණ 21,000 ක් පමණ වාර්තා වනවා. මේ අතර ඔක්තෝබර් 27 වනදා ආරම්භ වූ ඊශ්‍රායල ගොඩබිම් ප්‍රහාරවලදී මේ වනවිට ඊශ්‍රායල සෙබළුන් 150 කට වඩා මියගොස් තිබෙනවා.