hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 දෙසැම්‍බර් 03, ප.ව. 7:36



ඊශ්‍රායලය සිය යුධ අරමුණු වඩා හොඳින් පැහැදිලි කළයුතු බවත් දැනට ඔවුන් පවසන පරිදි හමාස් සංවිධානය සහමුලින් විනාශ කිරීමට බලාපොරොත්තු වන්නේ නම් දශකයක් දිග යුද්ධයකට මුහුණදීමට සිදුවනු ඇති බවත් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පවසනවා.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වන අතරවාරයේ ඔහු මේ අදහස් පළකර සිටියා.

ඊශ්‍රායල අගමැති බෙන් ජමින් නෙතන් යාහු සෙනසුරාදා කියා සිටියේ තම අරමුණු සාක්ෂාත් කරන තුරු යුද්ධය පවතිනු ඇති බවයි. තම අරමුණු ලෙස ඔහු සඳහන් කළේ ප්‍රාණ​ඇපකරුවන් සියළු දෙනා නිදහස් කරගැනීම සහ හමාස් සංවිධානය සහමුලින් විනාශ කිරීමයි.

එහෙත් හමාස් සංවිධානය එසේ විනාශ කළ හැකිද යන්න සියළු දෙනා වෙත ඇති පැණයක් බව මැක්‍රොන් කියා සිටිනවා.

පසුගියදා ක්‍රියාවට නැගුණු සටන් විරාමයේදී ඊශ්‍රායලය විසින් පලස්තීන සිරකරුවන් 240 ක් නිදහස් කළ අතර හමාස් සංවිධානය විසින් ප්‍රාණ​ඇපකරුවන් 110 ක් පමණ නිදහස් කළා. එම සටන් විරාමය සිකුරාදා බිඳවැටුණ අතර ඉන්පසු නැවත සටන් පටන් ගැනුණා.