hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 06, ප.ව. 10:55



ඊශ්‍රායලයේ උතුරුදිග ප්‍රදේශයන් හි ජනාවාසවල වැසියන් නැවත එහි පදිංචියට යාමට පෙර හිබ්සුල්ලා සංවිධානය ලිටානි නදියෙන් ඔබ්බට තල්ලු කරන බව ඊශ්‍රායල ආරක්ෂක ඇමති යොආව් ගලාන්ට් සඳහන් කළා.

උතුරු ඊශ්‍රායලයේ නගරවල සහ ජනාවාසවල ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ගලාන්ට් මෙම අදහස් දක්වා තිබෙනවා.

2006 දී සිදුවූ ඊශ්‍රායල – හිස්බිල්ලා යුද්ධය අවසන් කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනා අංක 1701 යටතේ හිස්බුල්ලා සංවිධානයට ලිටානි නදියෙන් දකුණේ හමුදා තබාගැනීම තහනම් වුණා. කෙසේ වෙතත් හිස්බුල්ලා සංවිධානය එම කොන් දේසිය කඩාදමා ඇති බවත් දේශසීමාව ආසන්නයේ සිටම ඊශ්‍රායලයට පහර දෙන බවත් ගලාන්ට් පෙන්වා දෙනවා.

රාජ්‍යතාන්ත්‍රික ක්‍රම මගින් හිස්බුල්ලා සංවිධානය ලිටානි ගඟෙන් උතුරු දෙසට ගමන් කරවීමට නොහැකි වුවහොත් ඒ සඳහා අවශ්‍ය අනෙකුත් පියවර ගන්නා බව ද ගලාන්ට් කියා සිටියා.

මේ වනවිට උතුරු ඊශ්‍රායලයේ ජනාවාසවල ජනයා වෙනත් ප්‍රදේශ කරා පිටත් කරනු ලැබ තිබෙනවා.