hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 15, ප.ව. 8:44



ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ රෆා නගරයට හමුදා යෙදවීම සඳහා සකස් කළ මෙහෙයුම කල් දමා ඇති බව වාර්තා වනවා. මේ බව වාර්තා කර ඇත්තේ CNN මාධ්‍ය ආයතනය විසින්.

ඊශ්‍රායලය රෆා හි සිවිල් වැසියන්ට ඉවත් වන ලෙස දැන්වීම සඳහා පත්‍රිකා ගුවනින් හෙළීමට සූදානමින් සිටියේ සඳුදා (අද​) බවත් එම සැලැස්ම කල් දැමූ බවත් එක් මූලාශ්‍රයක් CNN ආයතනය සමග පවසා තිබෙනවා.

මේ අතර ඊශ්‍රායලය ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරය පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳ වාද කරමින් සිටින බවයි සඳහන් වන්නේ. මේ පිළිබඳව ඊශ්‍රායල යුධ කැබිනෙට්ටුවේ ද විවිධ අදහස් තිබෙන බවයි දැනගන්නට ඇත්තේ. මේ අතර ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය විසින් මෙම අවස්ථාවේ ප්‍රතිචාර දැක්වීමෙන් වළකින ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබෙනවා.