2024 අප්‍රේල් 17, ප.ව. 2:02
ඊශ්‍රායල හමුදා උතුරුදිග ගාසා තීරයේ ජබාලියා සහ බෙයිට් හනූන් ප්‍රදේශයන් හි මෙහෙයුම්වල නිරතව තිබෙනවා. මෙහිදී ඔවුන් සිවිල් වැසියන් නැවත පදිංචියට පැමිණ නැවතී සිටි ස්ථාන වටලා එහි වූ පිරිමි පුද්ගලයන් රැසක් රැගෙන ගියේ යයි වාර්තා පළ වුණා.
මේ අතර හමාස් සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් ඊශ්‍රායල කමාන්ඩෝ භටයෙක් තුවාල ලබා තිබෙනවා.
ඊශ්‍රායලය මීට දින කිහිපයකට පෙර ගාසා තීරයේ සිටි එක් හමුදා ඒකකයක් හැර අන් කණ්ඩායම් සියල්ල ඉවත් කරගත්තා. කෙසේ වෙතත් රෆා නගරයට මෙන්ම අනෙකුත් ප්‍රදේශයන්ට ද ගුවන් ප්‍රහාර දිගටම එල්ල වෙමින් පවතිනවා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48