2024 පෙබරවාරි 15, පෙ.ව. 3:24
ගාසා තීරයේ හමාස් සංවිධානයේ ප්‍රබලම නායකයා ලෙස සැලකෙන යාහ්යා සින්වාර් උමගක් ඔස්සේ පළා යන දර්ශන රැගත් වීඩියෝවක් ඊශ්‍රායල සන්නද්ධ හමුදා විසින් ප්‍රසිද්ධ කළා.
එහි සින්වාර්ගේ සහෝදරයා බව කියන අයකු සහ කාන්තාවක මෙන්ම ළමුන් කිහිප දෙනකු ද සමග සින්වාර් දිස්වන බවයි ඊශ්‍රායලය පවසන්නේ.
ඒ සමගම එම පිරිස පළා යාමට පෙර ජීවත් වූ ස්ථානය යනුවෙන් උමග තුළ වන ස්ථානයක් ද පෙන්නුම් කෙරෙනවා. එහි සාපේක්ෂව සුඛෝපභෝගී ලෙස ඔවුන් ජීවත් වූ බව පෙනී යනවා. මේ අතර ඊශ්‍රායලය පවසන්නේ එම ස්ථානයේ එක්සත් ජාතීන් වෙතින් ලැබුණු මානුශීය ආධාර ලෙස ගාසා තීරයට එවන ලද ද්‍රව්‍ය ද වූ බවයි.
එමෙන්ම එම පිරිස පළා යද්දී දමාගිය බව කියන මුදල් නෝට්ටු ප්‍රමාණයක් ද එම වීඩියෝවේ පෙන්නුම් කෙරෙනවා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48