hit counter

2024 මැයි මස 18 වන සෙනසුරාදා

2024 මැයි 05, ප.ව. 11:24



තම රට තුළ අල් ජසීරා මාධ්‍ය ආයතනයෙහි කටයුතු තහනම් කිරීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය ඒකමතික තීරණයක් ගත් බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

මේ අතර එම ආයතනයේ විකාශයන් වහාම තහනම් කිරීම සඳහා නියෝගයට අත්සන් කළ බව ඊශ්‍රායල සන්නිවේදන අමාත්‍ය ශ්ලෝමෝ කාහි පැවසුවා.

තවද අල් ජසීරා විකාශයන් සඳහා භාවිතා කළ සංස්කරණ කටයුතු යනාදියට යොදාගත් උපකරණ​, ලැප්ටොප් සහ ජංගම දුරකථන සමහරක් ද රාජසන්තක කරන බව කාහි ප්‍රකාශ කළා.

කටාර් රාජ්‍යයේ සිට ක්‍රියාත්මක වන අල් ජසීරා පුවත් සේවය ගාසා හි හමාස් සංවිධානයට පක්ෂව කටයුතු කරන බවට ඊශ්‍රායලය කලක පටන් චෝදනා කරන අතර අල් ජසීරා ආයතනය එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.