2024 මැයි 28, ප.ව. 8:12
ඊශ්‍රායල හමුදා යුධ ටැංකි අද දින ගාසා තීරයේ රෆා නගර මධ්‍යය වෙත පැමිණි බවට එම සටන් පෙරමුණෙන් වාර්තා පළවී තිබුණා.
ඊශ්‍රායලය විසින් රෆා හි ගොඩබිම් හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නේ ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ ද නියෝග නොතකමින්. හමාස් සංවිධානය විනාශ කිරීම සඳහා මෙම පියවර අත්‍යවශ්‍ය බවයි ඔවුන් පවසන්නේ.
මේ අතර පසුගිය දිනෙක රෆා හි සරණාගත කඳවුරක් වෙත එල්ල වූ ප්‍රහාරය කණගාටුදායක වැරදීමක් යයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළා. ඊශ්‍රායලය කියා සිටින්නේ එම ප්‍රහාරය හමාස් නායකයන් දෙදෙනකු ඉලක්ක කරගෙන එල්ල කෙරුණක් බවයි.
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 10:22
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:30
2025 ඔක්‍තෝබර් 13, ප.ව. 2:26
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 2:40
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 2:31