hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2024 ඔක්‍තෝබර් 04, පෙ.ව. 8:46



හිස්බුල්ලා සංවිධානයේ මීළඟ නායකයා ලෙස පත්වීමේ වැඩි ඉඩකඩක් ඇති හශෙම් සෆියෙද්දීන් ඉලක්ක කරගෙන ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල වූ බව අභ්‍යන්තර ආරංචිමාර්ග උපුටා දක්වන​ ඊශ්‍රායල මාධ්‍ය සඳහන් කළා.

මෙම ප්‍රහාරය එල්ල වූයේ ලෙබනනයේ බේරූට්  අගනුවර දකුණුදිග ප්‍රදේශයටයි.

එමෙන්ම එම ප්‍රදේශයට දිගින් දිගටම ඊශ්‍රායල ප්‍රහාර එල්ල වෙමින් පවතිනවා.

මේ අතර දකුණුදිග ලෙබනනය ආක්‍රමණය කළ ඊශ්‍රායල හමුදාවන් හි කපිතාන්වරයකු සටන්බිමේ මරණයට පත්ව තිබෙනවා. ඒ අනුව දකුණු ලෙබනන ආක්‍රමණයේදී මියගිය හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 9 ක් දක්වා වර්ධනය වුණා.