2024 ඔක්‍තෝබර් 27, ප.ව. 11:59
ජපානයේ අද පැවති මහමැතිවරණයේදී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ කමෙයිතෝ පක්ෂය යන පක්ෂ දෙකේ පාලක සන් ධානයට බහුතර බලය අහිමි වී තිබෙනවා.
ආසන 465 කින් යුක්ත පාර්ලිමේන්තුවේ ආසන 445 ක පමණ ප්‍රතිඵල නිකුත්ව ඇති අවස්ථාවේ පාලක සන්ධානය ලබා සිටියේ ආසන 209 ක් පමණයි. ප්‍රධාන විපක්ෂය වන ව්‍යවස්ථාදායක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 143 ක් ලබාගෙන සිටියා.
මෙම මැතිවරණය පවත්වන ලද්දේ පක්ෂ අරමුදල් පිළිබඳ මූල්‍ය වංචා චෝදනා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙත එල්ල වූ පසුබිමකයි. හිටපු අගමැති ෆුමියෝ කිශිදා සිය ධුරයෙන් ඉවත් වූ අතර පක්ෂ නායකත්වයට සහ අගමැති ධුරයට නොබෝදා පත්වූ ශිගේරු ඉෂිබා කඩිනම් මැතිවරණයක් කැඳවූවා.
ඉෂිබා කියා සිටියේ නව ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අවසන් ප්‍රතිඵලය එනතෙක් සිටින බවයි.
දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ඉතා කෙටි කාලසීමා කිහිපයකදී හැර ජපානය පාලනය කර ඇත්තේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින්.
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53
2025 මාර්තු 31, ප.ව. 1:43
2025 මාර්තු 31, ප.ව. 1:15