hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 01, ප.ව. 5:44



ජපානයේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයේ ඉෂිකාවා පළාතෙන් අද වාර්තා වූ විශාල භූමි කම්පාවෙන් පසු නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීම් තවමත් ක්‍රියාත්මක තත්ත්වයේ පවතිනවා.

ජපානයේ ආයතනය පවසන පරිදි එරට වෙලාවෙන් සවස 4.21 ට ඉෂිකාවා හි වජීමා නගරයට මීටර් 1.2 ක් ඉක්මවූ සුනාමි රළ ළඟා වී තිබෙනවා.

ඊට අමතරව නැගෙනහිර වෙරළේ තවත් ප්‍රදේශ කිහිපයකට ඊට වඩා අඩු රළ පහර ළඟා වී තිබුණා.

ඉෂිකාවා ප්‍රදේශයට මීටර් 5 ක පමණ සුනාමි රළ පැමිණිය හැකි යයි අනතුරු අඟවා තිබෙනවා. තවත් ප්‍රදේශ කිහිපයකට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබුණා. මේ අතර නයිගාතා, තොයාමා, යමගාතා, ෆුකුයි, හියෝගෝ යන පළාත් වනවා. ඇතැම් ප්‍රදේශවලින් ජනතාව ඉවත් කරනු ලැබුණා.

ජපානයට බරපතල සුනාමි අවදානමක් පිළිබඳ අනතුරු ඇඟවීම් කරන කද්දේ 2011 න් පසුවයි.

මේ අතර ජපානයේ නිවාස 36,000 කට පමණ විදුලි බලය ඇණහිට තිබෙනවා. එමෙන්ම ඇතැම් මහාමාර්ගවලට ද භූමි කම්පාවෙන් හානි සිදුව තිබුණා.