hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 20, පෙ.ව. 6:33



ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරණයේ දෙවන වටය නොවැම්බර් 19 වනදා පැවැත්වුණා. එහිදී අන්ත දක්ෂිනාංශික අපේක්ෂකයකු සේ සැලකෙන හාවියර් මිලෙයි ජයග්‍රහණය කර තිබෙනවා.

සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 90 කට ආසන්න ප්‍රමාණයක් ගණන් කර අවසන් වනවිට මිලෙයි සියයට 56 කට ආසන්න ඡන් ද ප්‍රතිශතයක් ලබාගන්නා බව පෙනීගිය අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ මුදල් ඇමති සර්ගියෝ මසා සියයට 44 ක පමණ ප්‍රතිශතයක් ලබාගන්නේ යයි පෙන්නුම් කළා. මේ අනුව මසා සිය පරාජය පිළිගන්නට කටයුතු කළා.

අගෝස්තු 13 වනදා පවත්වන ලද ජනාධිපතිවරණයේ ප්‍රාථමික මැතිවරණය මිලෙයි ජයගත් අතර ඔක්තෝබර් 22 වනදා පවත්වන ලද පළමු වටයේදී ඔහුට ලැබුණේ දෙවන ස්ථානයයි. නමුත් කිසිදු අපේක්ෂකයකු එම වටයේදී සියයට 50 ඉක්මවා ඡන්ද ලබා නොගත් හෙයින් පළමු සහ දෙවැනි ස්ථානවල සිටි සර්ගියෝ මසා සහ හාවියර් මිලෙයි අතර ජනාධිපතිවරණයේ දෙවන වටය පවත්වනු ලැබුණා.

හාවියර් මිලෙයි ආර්ජන්ටිනාවේ ආර්ථිකය ගොඩගැනීමට වෙනස් ආකාරයේ යෝජනා ඉදිරිපත් කළා. මහ බැංකුව අහෝසි කිරීම ඉන් එක් යෝජනාවක්. එමෙන්ම ආර්ජන්ටිනා ආර්ථිකය ඩොලර්කරණය කිරීමට ද ඔහු යෝජනා කළා.

නව ජනාධිපතිවරයා දිවුරුම් දීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 10 වනදා යි.