2025 පෙබරවාරි 15, ප.ව. 12:47
ඇමරිකානු උප ජනාධිපති ජේ. ඩී. වෑන්ස් මියුනික් ආරක්ෂක සමුළුවේදී පෙබරවාරි 14 වනදා කළ කතාව යුරෝපා නායකයන්ගේ විරෝධයට සහ කැළඹීමට හේතු වී තිබෙනවා.
මෙම කතාවේදී වෑන්ස් කියා සිටියේ යුරෝපයට ඇති ප්‍රධානම තර්ජනය මතුවන්නේ රුසියාවෙන් හෝ චීනයෙන් හෝ නොව යුරෝපයෙන් ම බවයි.
යුරෝපයේ නිදහස් අදහස් පළකිරීම සීමාකර ඇතැයි පවසන වෑන්ස් ජර්මනියේ AfD පක්ෂය වැනි පිරිස් දේශපාලනයෙන් කොන් කිරීමට දරන උත්සාහයන් ඒ සඳහා නිදසුන් ලෙස දක්වනවා. ටික්ටොක් විසින් කළ බලපෑම් මත යයි සඳහන් කරමින් රුමේනියාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය අවලංගු කිරීම ද ඔහු තවත් උදාහරණයක් ලෙස ගෙනහැර දැක්වූවා.
එමෙන්ම අසීමාන්තික ලෙස සංක්‍රමණිකයන්ට දොරටු විවර කිරීමෙන් යුරෝපය තවත් ගැටළුවක් කැඳවාගෙන ඇතැයි ද ඔහු කියා සිටියා.
වෑන්ස්ගේ ප්‍රකාශය යුරෝපා නායකයන් රැසකගේ විරෝධයට හේතු වුණා. ජර්මන් ආරක්ෂක ඇමති බොරිස් පිස්ටෝරියස් අවධාරණය කළේ වඩා හඬනගන සුලුතරය යනු බහුතර මතය නොවන බවයි. එමෙන්ම අනෙකුත් රටවල අභ්‍යන්තර දේශපාලනය පිළිබඳ අදහස් දැක්වීම නොකළ යුත්තක් බව ද ඔහු පැවසුවා.
මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ වෑන්ස් ඉතා හොඳ කතාවක් කළ බවයි. යුරෝපය තමන් මුහුණදෙන සැබෑ අභියෝග තේරුම්ගත යුතු යැයි ඔහු පවසනවා.
2025 මාර්තු 26, ප.ව. 1:39
2025 මාර්තු 24, ප.ව. 7:12
2025 මාර්තු 24, ප.ව. 7:01
2025 මාර්තු 23, පෙ.ව. 11:12
2025 මාර්තු 20, ප.ව. 8:39