hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 අගෝස්‍තු 19, පෙ.ව. 10:11



චෙච්නියානු නායක රම්සාන් කදීරෆ් ටෙස්ලා සමාගමේ සයිබර්ට්‍රක් රථයක් පදවන වීඩියෝවක් සිය සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර තිබෙනවා.

එම රථය පසුපස මැශින් තුවක්කුවක් ද සවිකර ඇති අතර කදීරෆ් පවසන්නේ තමන් එය යුක්‍රේන යුධ පෙරමුණ වෙත යවන බවයි.

මෙම රථය තමන්ට එවීම පිළිබඳ ඊලොන් මස්ක්ට ස්තූති කරන ඔහු චෙච්නියාවේ සංචාරය කරන ලෙස ද මස්ක්ට ඇරයුම් කරනවා.

සයිබර්ට්‍රක් හි මාදිලි තුනක් ඇති අතර එයින් වඩාත් දියුණුම මාදිලිය වන සයිබර්බීස්ට් රථයක් මෙසේ කදීරෆ්ට ලැබී ඇති බවයි සඳහන් වන්නේ. එය අලෙවි කරන මිල වන්නේ ඇමරිකානු ඩොලර් 99,990 ක්. ඉතා ශක්තිමත් වානේ සැකිල්ලක් සහිත එම රථයට පැයට සැතපුම් 130 ක උපරිම වේගයක් ළඟා කරගත හැකි බවයි සඳහන් වන්නේ.

රුසියාවට එරෙහිව ඇමරිකානු සම්බාධක පවතින අවස්ථාවක සහ කදීරෆ් ද සම්බාධකවලට ලක්වූ අයකු වන අවස්ථාවක මෙවැනි වාහනයක් ඔහුට ලැබුණේ කෙසේද යන්න ගැටළුවක්ව තිබෙනවා.